Wednesday, May 30, 2018

ක්‍රිකට්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
යනු,ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ ක්‍රීඩා කරන ක්‍රිඩාවකි.මෙය මහත්මාවරුන්ගේ ක්‍රීඩාව ලෙසද හදුන්වයි. මෙය ලොව දෙවන ජනප්‍රියම ක්‍රීඩාවයි. ජාත්‍යන්තර පිටියක මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇති අතර පිටියේ අරය අවමය මීටර් 54ක් වේ.ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙයි. ඒ එක්දින තරඟ, විස්සයි විස්ස තරඟ හා ටෙස්ට් තරඟ වශයෙනි.ඊට අමතරව වර්තමානයේ T10,the Hundred,T5 වැනි තරඟ ද ක්‍රීඩා කරයි. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා එක් කණ්ඩායමක් පන්දුවට පහර දෙන අතර අනෙක් කණ්ඩායම විසින් පන්දු යැවීම හා ප්‍රතිවාදී පිළ ලකුණු රැස් කිරීම නැවැත්වීමට පන්දු රැකීම සිදු කරයි.මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. ටෙස්ට් තරඟයකදී පමණක් කණ්ඩායමට ඉනිම් 2ක් හිමිවේ.
👉 ටෙස්ට්
ක්‍රිකට් ක්‍රීඩාවෙහි දීර්ඝතම තරගය ටෙස්ට් ක්‍රීඩාවයි. ජාතීන් දෙකක් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාවය උරගා බැලීමේ අවස්ථාවක ටෙස්ට් තරග එය ජනප්‍රියතාවයේ ඉහළම තරග හා ඕවර 20 තරග සමහර ක්‍රීඩා ලෝලීන් අතර වඩා ප්‍රචලිතව ඇත. ‘ටෙස්ට්’ යන නම ලැබෙන්නට හේතුව කණ්ඩායම් දෙකක් අතර ශක්තිය හා දක්ෂතාවය මැන බලන මිම්මක් ලෙස මෙම ක්‍රීඩාව සලකන බැවිනි. මුලින්ම මෙය ඇරඹුණේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර 1861 – 1862 දී පැවති තරගයයි. නමුත් අද එය ටෙස්ට් තරගයක් ලෙස නොසලකයි. ප්‍රථම නිළ ටෙස්ට් තරගයක් ලෙස නොසලකයි.

Ø  1877 මාර්තු 15 දා ලොව ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය මෙල්බොන් නුවරදී පවත්වන ලදී. මෙහිදී ඔස්ට්‍ර්ලියාව ලකුණු 45 කින් එංගලන්තය පරාජය කරන ලදී.
Ø  1889 මාර්තු 12 දා දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය පවත්වන ලදී. මෙහිදී දකුණු අප්‍රිකාව පරාජය විය.
Ø  1928 ජුනි 23 දා බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග එංගලන්තය ලෝඩ්ස් පිටියේ දී පවත්වන ලදී මෙහිදී කොදෙව් වාසීන් පරාජයට පත්විය.
Ø  1930 ජනවාරි 10 දා නවසීලන්තය හා එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පවත්වන ලදී. මෙහිදී එංගලන්තය ජය ලදී.
Ø  1932 ජුනි 25 දා ඉන්දියාව සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් තරගය පවත් වල ලදී. මෙහිදී ද එංගලන්තය ජය අත්කරගන්නා ලදී.
Ø  1952 ඔක්තෝම්බර් 16 දා පකිස්ථානය පළමු ටෙස්ට් තරගය ඉන්දියාව සමග පවත්වන ලදී. මෙහිදී පරාජය පකිස්ථානයට හිමි විය.
Ø  1982 පෙබරවාරි 17 දා ලංකාව හා එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් තරගය සරවනමුත්තු පිටියේ දී පවත්වන ලදී. එංගලන්තය මෙහි දි ජය ලබා ගන්නා ලදී.
Ø  1992 ඔක්තෝම්බර් 18 දා සිම්බාබ්වේ තම පළමු ටෙස් තරගය ඉන්දියාව සමග පවත් වන ලදී. මෙම තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

No comments:

Post a Comment