අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
👉 ක්‍රීඩා (ඉංග්‍රීසි: sports) යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකම් ය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ කායික ශක්‍යතාවයන් අවසාන ප්‍රතිඵලයේ (දිනුම හෝ පරාජය) එකම සහ මූලික නිර්ණය සාධකය වන ක්‍රියාකාරකම්ය. නමුත් බුද්ධිය භාවිතා කරන ක්‍රීඩා (වාසනාවට ඉතා අඩු ඉඩකඩක් ඇති “කාඩ් සෙල්ලම්” හා පුවරු ක්‍රීඩා” හැඳින්වීම බහුලව යොදන නමකි) සහ මානසික තීක්ෂණභාවය හෝ උපකරණවල තත්වය ප්‍රධාන සාධක වන “මෝටර් රථ ක්‍රීඩා” වැනි ක්‍රියාකාරකම් හැඳින්වීමට ද මෙම යෙදුම භාවිතා කරනු ලැබේ. කායික ක්‍රීඩා සමහරකට සහයෝගීතාව අවශ්‍ය වන අතර ඊට පාපන්දු, පැසිපන්දු, ජල පන්දු ක්‍රීඩාව සහ බේස් බෝල් ක්‍රීඩාව ඇතුළත් වේ.
යනු දිවීම, පැනීම, සහ වීසිකිරීම මත පදනම්වූ බොහෝ තරගකාරී මලල ක්‍රීඩා තරගවලින් සමන්විත ක්‍රීඩාවකි. ක්‍රීඩාවෙහි නම බිඳී ඇත්තේ තරග පැවැත්වෙන ස්ථානය අනුව යමිනි: තණ පිටියක් වටා පිහිටි අණ්ඩාකාර ජවන පථයකින් සමන්විත ක්‍රීඩාංගනයක් එයට භාවිතා වන නිසාවෙනි. විසිකිරීමෙහි සහ පැනීමෙහි ඉසව් සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ මධ්‍යයෙහි පිහිටි වට කල සරියක වෙයි.
ජාතික ක්‍රීඩාවක් යනු සංස්කෘතිය තුළ අන්තර්ගත ජනප්‍රිය කොටසක් හෝ රටක හෝ ජාතියකට වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස සලකනු ලැබේ. ඇමෙරිකානු ඉංග්‍රීසි භාෂාවෙහි ‘ජාතික විනෝදාංශය’ යන යෙදුම බහුලව භාවිතා වේ.
No comments:
Post a Comment