අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
අනාදිමත් කලක සිට පැරණි සිංහල සමාජයෙන් පැවතගෙන එමින් අදටත් ශේෂ නොවී පවතින අං කෙළිය, දොඩන් කෙළිය, පොල් කෙළිය සහ මල් කෙළිය යන ජන ක්‍රීඩාවන් ආගමික ක්‍රීඩා වශයෙන් හඳුනාගත හැකි ය. මෙයින් අං කෙළිය උඩරට ප්‍රදේශයට විශේෂිත වූ පූජා විධියක් ලෙසට හඳුනා ගත හැකි ය. අං කෙළිය පැවැත්වෙන ස්ථාන හඳුනාගැනීම සහ ඒවා නොයෙක් නම් වලින් හඳුන්වාදීම සිදූ වූ අතර පසුකාලීනව සමස්ථ ග්‍රාම නාම බවට ද පත් වූ බව පෙන්නුම් කෙරේ. අද ලංකවේ අපට හමුවන අංකෙළි මැඩිල්ල, අං කුඹුර, අං පිටිය ආදී ග්‍රාම නාම ඊට නිදසුන් ලෙස දැක්විය හැකි වේ. එසේම සුප්‍රසිද්ධ ඇම්බැක්ක යන ග්‍රාම නාමය සෑදී ඇත්තේ මෙම අංකෙලිය ආශ්‍රිතව බව පැවසේ. අංකෙලියේදී භාවිතා වන ගෝන අඟ විශාල එකක් වන විට එයට 'බැක්ක' යනුවෙන් හඳුන්වනු ලැබේ. අං+බැක්ක = අංබැක්ක වී පසුකාලීනය ව්‍යවහාරයෙන් මෙය "ඇම්බැක්ක" බවට පත් වී ඇත. අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.
No comments:
Post a Comment