අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
👉 ඔලිම්පික් යනු දහස් ගණන් ක්‍රීඩකයන් විවිධ ක්‍රීඩාවන් සඳහා සහභාගී වන ප්‍රමුඛ අන්තර්ජාතික උත්සවයකි. රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය, ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල බව අවිවාදයෙන්ම පිළිගැනේ. වර්තමානයේ එක් ඍතුවකට අයත් ඔලිම්පික් උළෙලක් වසර හතරකට වරක් පැවැත්වෙන පරිදි ග්‍රීෂ්ම සහ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා දෙවසරකට වරක් ප්‍රත්‍යාවර්ථනය වෙමින් පැවැත්වේ. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේ සිට ක්‍රිස්තු පූර්ව 4 වන සියවස දක්වා වූ ආරම්භක කාලයේ දී පුරාතන ඔලිම්පික් ක්‍රීඩා ග්‍රීසියේ ඔලිම්පියාහි දී පැවැත්විණ. ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ පියරේ ද කුබ(ර්)ටීන් නම් වංශාධිපතියා විසින් 1894 වර්ෂයේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) පිහිටවනු ලැබීය. ඔලිම්පික් ප්‍රඥප්තියෙන් පනවා ඇති ව්‍යුහයට සහ ක්‍රියා පටිපාටියට අනුව කටයුතු කරන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව එතැන් පටන් අද දක්වා ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වාගෙන ඒමට කටයුතු කරයි.
No comments:
Post a Comment