Monday, June 12, 2023

අංගම්පොර

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

එක් ජනප්‍රවාදයක් වන්නේ මින් වසර 25000 කට එපිට ලක්දිව ඉපිද සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවණ නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදු බවයි පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.

👉 අංගම් ශාස්ත්‍රය 

නොහොත් අංගම්පොර යනුවෙන් හඳුන්වන හෙළයන්ගේ ඉපැරණි සටන් ශාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත වන අංගම්ඉලංගම් හා මායා අංගම් යන මූලිකාංග වලින් අංගම් හෝ අංගං යනු අවිආයුධ වලින් තොරව එනම් නිරායුධ සටන් ක්‍රමවේදයන්ය. නිරායුධ හරඹයන් රාශියක් මෙම සටන් ශාස්ත්‍රය තුල පවතී. ගැටක්‍රම, ගුටි හරඹ, පොර බැදීම හෙවත් ගුස්ති ශාස්ත්‍රය, නිල ශාස්ත්‍රය, පිනුම් කරණම්, පැනීම් ආදිය මෙම කොටසට අයත් ලෙස සැලකේ. අංගම් ශාස්ත්‍රයට අදාලව මරුනිල 108 ක් ඇති අතර පිනුම් 20 ක් සහ පැනීම් 7ක් පවතී. එක මුෂ්ටි ප්‍රහාරයකින් වුවද මිනිසෙක් මරණයට පත්කිරීම ප්‍රවීණ අංගම් ශිල්පියෙකුට සරල දෙයකි. 

👉 අංගම්පොර සටන් කලාව

ඇම්බැක්කේ පැරණි සටන් කැටයමක් අංගම්පොර සටන් කළාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්; (සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්රමය භාවිතා කළා. ක්රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්රමනයට එරෙහිව යොදාගන්නට ඇත. අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය.රාවණ රජු නිල ශ්රාස්ත්රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්ය ග්රන්ත තුලින්ද පැහැදිලි වෙයි. රාවන සහ අංගම් ශ්රාස්ත්රය අතර සම්බන්ධය කෙතරම් ප්රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා මල්පැලක් සකස් කොට රාවණා ස්තෝත්ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . මූලිකාංග අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව කරනු ලබන සටන අංගම් යනුවෙන් හදුන්වයි. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්රවිණයකු වීම සදහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අප පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්රමය තුල නිලවලට පහරදෙන ක්රම රැසක් දැකගත හැකිය.

No comments:

Post a Comment