අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ක්‍රීඩා
Tuesday, June 13, 2023
Monday, June 12, 2023
අංගම්පොර
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
එක් ජනප්‍රවාදයක් වන්නේ මින් වසර 25000 කට එපිට ලක්දිව ඉපිද සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවණ නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදු බවයි පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.
නොහොත් අංගම්පොර යනුවෙන් හඳුන්වන හෙළයන්ගේ ඉපැරණි සටන් ශාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත වන අංගම්, ඉලංගම් හා මායා අංගම් යන මූලිකාංග වලින් අංගම් හෝ අංගං යනු අවිආයුධ වලින් තොරව එනම් නිරායුධ සටන් ක්‍රමවේදයන්ය. නිරායුධ හරඹයන් රාශියක් මෙම සටන් ශාස්ත්‍රය තුල පවතී. ගැටක්‍රම, ගුටි හරඹ, පොර බැදීම හෙවත් ගුස්ති ශාස්ත්‍රය, නිල ශාස්ත්‍රය, පිනුම් කරණම්, පැනීම් ආදිය මෙම කොටසට අයත් ලෙස සැලකේ. අංගම් ශාස්ත්‍රයට අදාලව මරුනිල 108 ක් ඇති අතර පිනුම් 20 ක් සහ පැනීම් 7ක් පවතී. එක මුෂ්ටි ප්‍රහාරයකින් වුවද මිනිසෙක් මරණයට පත්කිරීම ප්‍රවීණ අංගම් ශිල්පියෙකුට සරල දෙයකි.
ඇම්බැක්කේ පැරණි සටන් කැටයමක් අංගම්පොර සටන් කළාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්; (සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්රමය භාවිතා කළා. ක්රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්රමනයට එරෙහිව යොදාගන්නට ඇත. අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය.රාවණ රජු නිල ශ්රාස්ත්රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්ය ග්රන්ත තුලින්ද පැහැදිලි වෙයි. රාවන සහ අංගම් ශ්රාස්ත්රය අතර සම්බන්ධය කෙතරම් ප්රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා මල්පැලක් සකස් කොට රාවණා ස්තෝත්ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . මූලිකාංග අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව කරනු ලබන සටන අංගම් යනුවෙන් හදුන්වයි. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්රවිණයකු වීම සදහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අප පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්රමය තුල නිලවලට පහරදෙන ක්රම රැසක් දැකගත හැකිය.
අංකෙලිය
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.👉 අංකෙලියඅනාදිමත් කලක සිට පැරණි සිංහල සමාජයෙන් පැවතගෙන එමින් අදටත් ශේෂ නොවී පවතින අං කෙළිය, දොඩන් කෙළිය, පොල් කෙළිය සහ මල් කෙළිය යන ජන ක්‍රීඩාවන් ආගමික ක්‍රීඩා වශයෙන් හඳුනාගත හැකි ය. මෙයින් අං කෙළිය උඩරට ප්‍රදේශයට විශේෂිත වූ පූජා විධියක් ලෙසට හඳුනා ගත හැකි ය. අං කෙළිය පැවැත්වෙන ස්‌ථාන හඳුනාගැනීම සහ ඒවා නොයෙක් නම් වලින් හඳුන්වාදීම සිදූ වූ අතර පසුකාලීනව සමස්‌ථ ග්‍රාම නාම බවට ද පත් වූ බව පෙන්නුම් කෙරේ. අද ලංකවේ අපට හමුවන අංකෙළි මැඩිල්ල, අං කුඹුර, අං පිටිය ආදී ග්‍රාම නාම ඊට නිදසුන් ලෙස දැක්‌විය හැකි වේ. එසේම සුප්‍රසිද්ධ ඇම්බැක්ක යන ග්‍රාම නාමය සෑදී ඇත්තේ මෙම අංකෙලිය ආශ්‍රිතව බව පැවසේ. අංකෙලියේදී භාවිතා වන ගෝන අඟ විශාල එකක් වන විට එයට 'බැක්ක' යනුවෙන් හඳුන්වනු ලැබේ. අං+බැක්ක = අංබැක්ක වී පසුකාලීනය ව්‍යවහාරයෙන් මෙය "ඇම්බැක්ක" බවට පත් වී ඇත.අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.
දාම්
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
අනුරූප ප්‍රකාශන අයිතිය www.dncollects.com සතුවේ.👉 දාම්දාම් යනු පුවරුවක් මත කෙරෙන ක්‍රීඩාවකි. මේ සඳහා කොටු 12 x 12 ප්‍රමාණයේ පුවරුවක් යොදා ගනී. එසේම මෙම ක්‍රීඩාවට එක වරකදී තරඟකරුවන් දෙදෙනෙකු පමණක් ක්‍රීඩා කල හැකි අතර උපායන් ඇසුරෙන් සිදුවන ක්‍රීඩාවකි. තරඟය අවසන් වන්නේ ප්‍රතිවාදියාගේ සියලුම ඉත්තන් පිටියෙන් ඉවත් කිරීමෙනි. ක්‍රීඩාවට සූදානම් වීමට මිනිත්තු 2ක් පමණ ගත වේ. නමුත් ක්‍රීඩාවට මිනිත්තු හෝ පැය ගණනක් ගත විය හැකිය. එසේම ජය- පරාජයකින් තොරවද අවසන් විය හැකිය.
දාම් ඉත්තන් ලී කබැල්ලකින් කපා ගත හැකිය. දාමා යනු දාම් ක්‍රීඩාවේ රජු ය.
දාම් යනු පුවරුවක් මත කෙරෙන ක්‍රීඩාවකි. මේ සඳහා කොටු 12 x 12 ප්‍රමාණයේ පුවරුවක් යොදා ගනී. එසේම මෙම ක්‍රීඩාවට එක වරකදී තරඟකරුවන් දෙදෙනෙකු පමණක් ක්‍රීඩා කල හැකි අතර උපායන් ඇසුරෙන් සිදුවන ක්‍රීඩාවකි. තරඟය අවසන් වන්නේ ප්‍රතිවාදියාගේ සියලුම ඉත්තන් පිටියෙන් ඉවත් කිරීමෙනි. ක්‍රීඩාවට සූදානම් වීමට මිනිත්තු 2ක් පමණ ගත වේ. නමුත් ක්‍රීඩාවට මිනිත්තු හෝ පැය ගණනක් ගත විය හැකිය. එසේම ජය- පරාජයකින් තොරවද අවසන් විය හැකිය.
දාම් ඉත්තන් ලී කබැල්ලකින් කපා ගත හැකිය. දාමා යනු දාම් ක්‍රීඩාවේ රජු ය.
ජූඩෝ
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.ජු-ජිට්සු සටන් කලාවෙන් බිඳී ආ පොරබැදීමේ ආරට අයත් නූතන ජපන් ආත්මාරක්ෂක ක්‍රිඩා සටන් කලාවක් වන අතර එහි ආරම්භය 19 වන සියවසේ අගභාගයේදී ජපානයේදි සිදු විය. ජුඩෝ යන වදනෙහි අරුත වන්නේ මෘදු යන්නයි. මෙම ක්‍රීඩාවෙහි වඩාත් වැදගත් කොටස වන්නේ එයට අයත්වන තරගකාරී කොටසයි. එහිදි ක්‍රීඩකයෙකුගේ ඉලක්කය වන්නේ තම ප්‍රතිවාදියා බිම හෙලීම, ඔහුට චලනය විය නොහැකි වන පරිදි ක්‍රියාත්මක වීම හෝ වෙනත් පොර බැදීම් ක්‍රම වේදයකින් ප්‍රතිවාදියා මෙල්ල කිරීමයි. මේ සදහා ප්‍රතිවාදියාගේ දෑත් හෝ දෙපා හිරවන පරිදි දැඩිව අල්ලා ගැනීම ආදි ක්‍රම වේදයන් භාවිතා කළ හැකිය. දෑත් හා දෙපා භාවිතයෙන් සිදු කරන සුළු පහරදීම් සහ තල්ලු කිරීම් මෙන්ම ආයුධවලින් එල්ල වන ප්‍රහාරයන්ට මුහුණ දීමේ යම්යම් ක්‍රම වේදයන් ද ජුඩෝ ක්‍රීඩාවට ඇතුළත් වන නමුත් ඒවා පෙර සකස් කළ ක්‍රීයාදාමයන් ලෙස පමණක් සිදු කෙරෙන අතර ජුඩෝ තරඟ සහ නිදහස් ජුඩෝ පුහුණු වීම් තුළ ඒවා භාවිත කිරීමට ඉඩ දෙනු නොලැබේ.
ආවසාන වශයෙන් ජුඩෝ ක්‍රීඩාව සදහා නිර්මාණය කෙරුණු දර්ශනය සහ ශික්ෂණ ශාස්ත්‍රය සාම්ප්‍රදායික ආත්මාරක්ෂක සටන් පාසැල් (කොරූයු) ඔස්සේ වැඩි දියුණු වු සියලු ජපන් ආත්මාරක්ෂක සටන් කලාවන් සදහා ආකෘතියක් බවට පත් විය.
ජුඩෝ ක්‍රීඩාවේ නිරත වන්නන් 'ජුඩෝකා' ලෙස හැදින්වේ.
ජු-ජිට්සු සටන් කලාවෙන් බිඳී ආ පොරබැදීමේ ආරට අයත් නූතන ජපන් ආත්මාරක්ෂක ක්‍රිඩා සටන් කලාවක් වන අතර එහි ආරම්භය 19 වන සියවසේ අගභාගයේදී ජපානයේදි සිදු විය. ජුඩෝ යන වදනෙහි අරුත වන්නේ මෘදු යන්නයි. මෙම ක්‍රීඩාවෙහි වඩාත් වැදගත් කොටස වන්නේ එයට අයත්වන තරගකාරී කොටසයි. එහිදි ක්‍රීඩකයෙකුගේ ඉලක්කය වන්නේ තම ප්‍රතිවාදියා බිම හෙලීම, ඔහුට චලනය විය නොහැකි වන පරිදි ක්‍රියාත්මක වීම හෝ වෙනත් පොර බැදීම් ක්‍රම වේදයකින් ප්‍රතිවාදියා මෙල්ල කිරීමයි. මේ සදහා ප්‍රතිවාදියාගේ දෑත් හෝ දෙපා හිරවන පරිදි දැඩිව අල්ලා ගැනීම ආදි ක්‍රම වේදයන් භාවිතා කළ හැකිය. දෑත් හා දෙපා භාවිතයෙන් සිදු කරන සුළු පහරදීම් සහ තල්ලු කිරීම් මෙන්ම ආයුධවලින් එල්ල වන ප්‍රහාරයන්ට මුහුණ දීමේ යම්යම් ක්‍රම වේදයන් ද ජුඩෝ ක්‍රීඩාවට ඇතුළත් වන නමුත් ඒවා පෙර සකස් කළ ක්‍රීයාදාමයන් ලෙස පමණක් සිදු කෙරෙන අතර ජුඩෝ තරඟ සහ නිදහස් ජුඩෝ පුහුණු වීම් තුළ ඒවා භාවිත කිරීමට ඉඩ දෙනු නොලැබේ.
ආවසාන වශයෙන් ජුඩෝ ක්‍රීඩාව සදහා නිර්මාණය කෙරුණු දර්ශනය සහ ශික්ෂණ ශාස්ත්‍රය සාම්ප්‍රදායික ආත්මාරක්ෂක සටන් පාසැල් (කොරූයු) ඔස්සේ වැඩි දියුණු වු සියලු ජපන් ආත්මාරක්ෂක සටන් කලාවන් සදහා ආකෘතියක් බවට පත් විය.
ජුඩෝ ක්‍රීඩාවේ නිරත වන්නන් 'ජුඩෝකා' ලෙස හැදින්වේ.
බොක්සිං
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
👉 බොක්සිං
පග්ලිසම්, ඇන්ග්ලේස් බොක්සින් හා ඉංග්‍රීසි බොක්සින් වන විවිධ නම්වලින් හැඳින්වෙන මෙම ක්‍රීඩාව එකම බර සහිත ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර සිය අත්මිට භාවිතයෙන් කෙරෙන ප්‍රතිවාදී තරඟයකි. මිනිත්තු එකේ සිට තුන අතර විවේක කාලයක් ඇතුලත්ව නියමිත කාල සීමාවක් තුළ පවත්වන තරඟාවලියකි. තරඟාවලියේ වීරයා වනුයේ ප්‍රතිවාදියා බිම හෙලීමෙන්.(තරඟ විනිසුරු දහයට ගණන් කිරීමට පෙර ප්‍රතිවාදියා නැඟී සිටිය යුතුය) එය “Knockout, හෝ KO” ලෙස හඳුන්වන අතර, ප්‍රතිවාදියාට තුවාල සිදු කිරීමෙන් ද පරාජය කළ හැකිය. එය “Technical Knockout,හෝ TKO” ලෙස හඳුන්වයි. නියමිත රවුම් ගණන අවසානයේ දීත් ජයග්‍රහණය තීරණය නොවුව හොත් ජයග්‍රහණය තීරණය කිරීම තරඟ විනිසුරුවන් විසින් සිදු කරනු ලබයි. පැරණි ග්‍රීකයන් විසින් පළමු වරට හඳුන්වා දෙනු ලැබුව ද අත්මිට මොළවා පහර දීම සාමාන්‍ය ක්‍රියාවකි. නමුත් එය ක්‍රීඩාවක් ලෙස හඳුන්වා දීමේ දී නීති රීති සමඟ ක්‍රීඩා වෘත්තිකයන් විසින් ක්‍රීඩා කරනු ලබයි. ක්‍රි.පූ.668 දී මුල් භාගයේ දී ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස අවසරලත් මෙම ක්‍රීඩාව නවීන ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පැවතෙන්නේ බ්‍රිතාන්‍යයෙනි. එක් එක් රටෙහි ක්‍රීඩා ස්වරූපයට ආවේනිකව මෙම ක්‍රීඩාව නම් කිරීම ද සිදු කෙරේ. ඒ අනුව "English Boxing" “French boxing” ආදී විවිධාකාර නම්වලින් ලෝ පුරා මෙම ක්‍රීඩාව පැතිරී ඇත.
කරාටේ
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.