Tuesday, June 13, 2023

සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ජන ක්‍රීඩා

සිංහල ජාතිය ආරම්භයේ පටන් අලුත් අවුරුද්ද මෙරට ජන ජීවිතය සමග දක්‌වන ලද්දේ ඉතාමත් සමීප සම්බන්ධතාවකි. කෘෂිකාර්මික අර්ථ රටාවක්‌ සමග බද්ධව සිටි ඔවුන් අස්‌වනු නෙළා ගැනීමෙන් අනතුරුව ආර්ථික වශයෙන්ද සශ්‍රීකත්වයට පත් වෙති. යළිත් ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට අවතීරණය වන්නට පෙරාතුව මානසික ලෙසින්ද කිසියම් විවේකයක්‌ ඔවුනට අවශ්‍ය වේ. සිංහල අලුත් අවුරුදු සැණකෙළිය සමග වූ මෙම ප්‍රීතිමත් දින කීපයේදී බාල, මහලු, ස්‌ත්‍රී, පුරුෂ භේදයෙන් තොරව සියල්ලන්ම එක්‌ව ක්‍රීඩාවෙහි යෙදෙන අතර මෙම ජන ක්‍රීඩාවන් අතර වූ සුවිශේෂත්වයන්ද දැකගත හැක. ......

අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.




Monday, June 12, 2023

අංගම්පොර

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

එක් ජනප්‍රවාදයක් වන්නේ මින් වසර 25000 කට එපිට ලක්දිව ඉපිද සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අංගම් සටන් පුරාවත පසුකාලීන මහා රාවණ නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත් කරන ලදු බවයි පසුකාලීනව අංගං (හෝ අංගම්) නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.

👉 අංගම් ශාස්ත්‍රය 

නොහොත් අංගම්පොර යනුවෙන් හඳුන්වන හෙළයන්ගේ ඉපැරණි සටන් ශාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත වන අංගම්ඉලංගම් හා මායා අංගම් යන මූලිකාංග වලින් අංගම් හෝ අංගං යනු අවිආයුධ වලින් තොරව එනම් නිරායුධ සටන් ක්‍රමවේදයන්ය. නිරායුධ හරඹයන් රාශියක් මෙම සටන් ශාස්ත්‍රය තුල පවතී. ගැටක්‍රම, ගුටි හරඹ, පොර බැදීම හෙවත් ගුස්ති ශාස්ත්‍රය, නිල ශාස්ත්‍රය, පිනුම් කරණම්, පැනීම් ආදිය මෙම කොටසට අයත් ලෙස සැලකේ. අංගම් ශාස්ත්‍රයට අදාලව මරුනිල 108 ක් ඇති අතර පිනුම් 20 ක් සහ පැනීම් 7ක් පවතී. එක මුෂ්ටි ප්‍රහාරයකින් වුවද මිනිසෙක් මරණයට පත්කිරීම ප්‍රවීණ අංගම් ශිල්පියෙකුට සරල දෙයකි. 

👉 අංගම්පොර සටන් කලාව

ඇම්බැක්කේ පැරණි සටන් කැටයමක් අංගම්පොර සටන් කළාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්; (සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්රමය භාවිතා කළා. ක්රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්රමනයට එරෙහිව යොදාගන්නට ඇත. අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය.රාවණ රජු නිල ශ්රාස්ත්රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්ය ග්රන්ත තුලින්ද පැහැදිලි වෙයි. රාවන සහ අංගම් ශ්රාස්ත්රය අතර සම්බන්ධය කෙතරම් ප්රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා මල්පැලක් සකස් කොට රාවණා ස්තෝත්ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . මූලිකාංග අංගම් යනුවෙන් හදුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව කරනු ලබන සටන අංගම් යනුවෙන් හදුන්වයි. ආයුධ සහිතව කරනුලබන සටන ඉලංගම් ලෙස හදුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප්රවිණයකු වීම සදහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අප පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්රමය තුල නිලවලට පහරදෙන ක්රම රැසක් දැකගත හැකිය.

අංකෙලිය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
අනාදිමත් කලක සිට පැරණි සිංහල සමාජයෙන් පැවතගෙන එමින් අදටත් ශේෂ නොවී පවතින අං කෙළිය, දොඩන් කෙළිය, පොල් කෙළිය සහ මල් කෙළිය යන ජන ක්‍රීඩාවන් ආගමික ක්‍රීඩා වශයෙන් හඳුනාගත හැකි ය. මෙයින් අං කෙළිය උඩරට ප්‍රදේශයට විශේෂිත වූ පූජා විධියක්‌ ලෙසට හඳුනා ගත හැකි ය. අං කෙළිය පැවැත්වෙන ස්‌ථාන හඳුනාගැනීම සහ ඒවා නොයෙක්‌ නම් වලින් හඳුන්වාදීම සිදූ වූ අතර පසුකාලීනව සමස්‌ථ ග්‍රාම නාම බවට ද පත් වූ බව පෙන්නුම් කෙරේ. අද ලංකවේ අපට හමුවන අංකෙළි මැඩිල්ල, අං කුඹුර, අං පිටිය ආදී ග්‍රාම නාම ඊට නිදසුන් ලෙස දැක්‌විය හැකි වේ. එසේම සුප්‍රසිද්ධ ඇම්බැක්ක යන ග්‍රාම නාමය සෑදී ඇත්තේ මෙම අංකෙලිය ආශ්‍රිතව බව පැවසේ. අංකෙලියේදී භාවිතා වන ගෝන අඟ විශාල එකක් වන විට එයට 'බැක්ක' යනුවෙන් හඳුන්වනු ලැබේ. අං+බැක්ක = අංබැක්ක වී පසුකාලීනය ව්‍යවහාරයෙන් මෙය "ඇම්බැක්ක" බවට පත් වී ඇත.
අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.

දාම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

අනුරූප ප්‍රකාශන අයිතිය www.dncollects.com සතුවේ.

දාම් යනු පුවරුවක් මත කෙරෙන ක්‍රීඩාවකි. මේ සඳහා කොටු 12 x 12 ප්‍රමාණයේ පුවරුවක් යොදා ගනී. එසේම මෙම ක්‍රීඩාවට එක වරකදී තරඟකරුවන් දෙදෙනෙකු පමණක් ක්‍රීඩා කල හැකි අතර උපායන් ඇසුරෙන් සිදුවන ක්‍රීඩාවකි. තරඟය අවසන් වන්නේ ප්‍රතිවාදියාගේ සියලුම ඉත්තන් පිටියෙන් ඉවත් කිරීමෙනි. ක්‍රීඩාවට සූදානම් වීමට මිනිත්තු 2ක් පමණ ගත වේ. නමුත් ක්‍රීඩාවට මිනිත්තු හෝ පැය ගණනක් ගත විය හැකිය. එසේම ජය- පරාජයකින් තොරවද අවසන් විය හැකිය.

දාම් ඉත්තන් ලී කබැල්ලකින් කපා ගත හැකිය. දාමා යනු දාම් ක්‍රීඩාවේ රජු ය.

ජූඩෝ

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

ජු-ජිට්සු සටන් කලාවෙන් බිඳී ආ පොරබැදීමේ ආරට අයත් නූතන ජපන් ආත්මාරක්ෂක ක්‍රිඩා සටන් කලාවක් වන අතර එහි ආරම්භය 19 වන සියවසේ අගභාගයේදී ජපානයේදි සිදු විය. ජුඩෝ යන වදනෙහි අරුත වන්නේ මෘදු යන්නයි. මෙම ක්‍රීඩාවෙහි වඩාත් වැදගත් කොටස වන්නේ එයට අයත්වන තරගකාරී කොටසයි. එහිදි ක්‍රීඩකයෙකුගේ ඉලක්කය වන්නේ තම ප්‍රතිවාදියා බිම හෙලීම, ඔහුට චලනය විය නොහැකි වන පරිදි ක්‍රියාත්මක වීම හෝ වෙනත් පොර බැදීම් ක්‍රම වේදයකින් ප්‍රතිවාදියා මෙල්ල කිරීමයි. මේ සදහා ප්‍රතිවාදියාගේ දෑත් හෝ දෙපා හිරවන පරිදි දැඩිව අල්ලා ගැනීම ආදි ක්‍රම වේදයන් භාවිතා කළ හැකිය. දෑත් හා දෙපා භාවිතයෙන් සිදු කරන සුළු පහරදීම් සහ තල්ලු කිරීම් මෙන්ම ආයුධවලින් එල්ල වන ප්‍රහාරයන්ට මුහුණ දීමේ යම්යම් ක්‍රම වේදයන් ද ජුඩෝ ක්‍රීඩාවට ඇතුළත් වන නමුත් ඒවා පෙර සකස් කළ ක්‍රීයාදාමයන් ලෙස පමණක් සිදු කෙරෙන අතර ජුඩෝ තරඟ සහ නිදහස් ජුඩෝ පුහුණු වීම් තුළ ඒවා භාවිත කිරීමට ඉඩ දෙනු නොලැබේ.

ආවසාන වශයෙන් ජුඩෝ ක්‍රීඩාව සදහා නිර්මාණය කෙරුණු දර්ශනය සහ ශික්ෂණ ශාස්ත්‍රය සාම්ප්‍රදායික ආත්මාරක්ෂක සටන් පාසැල් (කොරූයු) ඔස්සේ වැඩි දියුණු වු සියලු ජපන් ආත්මාරක්ෂක සටන් කලාවන් සදහා ආකෘතියක් බවට පත් විය.

ජුඩෝ ක්‍රීඩාවේ නිරත වන්නන් 'ජුඩෝකා' ලෙස හැදින්වේ.

බොක්සිං

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 බොක්සිං

පග්ලිසම්, ඇන්ග්ලේස් බොක්සින් හා ඉංග්‍රීසි බොක්සින් වන විවිධ නම්වලින් හැඳින්වෙන මෙම ක්‍රීඩාව එකම බර සහිත ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර සිය අත්මිට භාවිතයෙන් කෙරෙන ප්‍රතිවාදී තරඟයකි. මිනිත්තු එකේ සිට තුන අතර විවේක කාලයක් ඇතුලත්ව නියමිත කාල සීමාවක් තුළ පවත්වන තරඟාවලියකි. තරඟාවලියේ වීරයා වනුයේ ප්‍රතිවාදියා බිම හෙලීමෙන්.(තරඟ විනිසුරු දහයට ගණන් කිරීමට පෙර ප්‍රතිවාදියා නැඟී සිටිය යුතුය) එය “Knockout, හෝ KO” ලෙස හඳුන්වන අතර, ප්‍රතිවාදියාට තුවාල සිදු කිරීමෙන් ද පරාජය කළ හැකිය. එය “Technical Knockout,හෝ TKO” ලෙස හඳුන්වයි. නියමිත රවුම් ගණන අවසානයේ දීත් ජයග්‍රහණය තීරණය නොවුව හොත් ජයග්‍රහණය තීරණය කිරීම තරඟ විනිසුරුවන් විසින් සිදු කරනු ලබයි. පැරණි ග්‍රීකයන් විසින් පළමු වරට හඳුන්වා දෙනු ලැබුව ද අත්මිට මොළවා පහර දීම සාමාන්‍ය ක්‍රියාවකි. නමුත් එය ක්‍රීඩාවක් ලෙස හඳුන්වා ‍දීමේ දී නීති රීති සමඟ ක්‍රීඩා වෘත්තිකයන් විසින් ක්‍රීඩා කරනු ලබයි. ක්‍රි.පූ.668 දී මුල් භාගයේ දී ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස අවසරලත් මෙම ක්‍රීඩාව නවීන ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පැවතෙන්නේ බ්‍රිතාන්‍යයෙනි. එක් එක් රටෙහි ක්‍රීඩා ස්වරූපයට ආවේනිකව මෙම ක්‍රීඩාව නම් කිරීම ද සිදු කෙරේ. ඒ අනුව "English Boxing" “French boxing” ආදී විවිධාකාර නම්වලින් ලෝ පුරා මෙම ක්‍රීඩාව පැතිරී ඇත.

කරාටේ

 අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
ජපානයේ නිරිතදිග දෙස"රියුකියු"දූපත් නම් මාලයක් වැනි දූපත් පෙළ සටන් කලාවන්හි පුදබිමකි.මෙහි පිහිටි ඔකිනාවා නම් දූපත කරාතේ ශිල්පයේ මුල්බිම විය. ඔකිනාවා දුරාතීතයේදී චීනයට අයත්ව තිබූ දුපතෙහි චීන වෙළඳුන් සංක්‍රමණිකයන් නාව්කයන්වෙතින් එම චීන කලා ආභාෂය නිරතුරු ඹකිනාවා වැසියන්ට ලැබුණි.මේ අතර එකළ ඔකිනාවා වැසියන් අතර තිබුණු"තේ"සහ"ජූත්සු" සටන් ක්‍රම මෙම චීන සටන් කලාවත් සමඟ මිශ්‍රවී විශිෂ්ඨ ශිල්පයකට පදනම දැමීය.එය"චීන අත"යන අරුත ඇතිව "තෝ දේ" ලෙස හැඳින්විණි.1733 වසරේ ඔකිනාවා හි ෂූරි ප්‍රදේශයෙහි උපත ලද සකුගාවා කන්ගා, පෙයිඩීන් තකහාරා නම් සමුරායිවරයා වෙතින් සටන් කලා ඉගෙනුම අරඹා චීන ජාතික "කුසත්කු"නම් සටන් විශාරදයා වෙතින් විශිෂ්ඪත්වයට පත්වී එකළ"තෝ දේ"ලෙස හැඳින්වූ කරාතේ ශිල්පයට මූලික අඩිතාලම දැමුවේය. මෙතුමා තකහාරා ගුරුතුමා විසින් මරණ මංචකයේදී තෝ දේ සකුගාවා ලෙස නම්කළේය.
කරාතේ හෙවත් හිස්අත් සටන්ක්‍රමයේ පියා ලෙස තෝ දේ සකුගාවා විරුදාවලි ලබයි.මෙතුමාගේ ප්‍රධාන සිසුවා වන සොකොන් මත්සුමුරා නම් විශිෂ්ඨ ශිල්පියා සකුගාවාතුමාගේ සටන් සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත්කර ෂූරි සම්ප්‍රදාය ශක්තිමත් කළේය.

කැරම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

කැරම් බෝඩයේ මතුපිට සුමට කරන ලද ප්ලයිවුඩ් ගේ වෙනත් දැවයකින් විය යුතු අතර ඝනකම වි.වි. 8 න් හා සෙ.මී. 73.50 හෝ 74 කින් යුත් සමචතුරඝ්‍රාකාර විය යුතුය.

මිශ්‍ර සටන් ශිල්ප

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 මිශ්‍ර සටන් ශිල්ප

මිශ්‍ර සටන් ශිල්ප (Mixed martial arts හෝ MMA) දෙමුහුන් සටන් කලා වර්ගයකි. එයට සටන් ක්ෂේත්‍ර ඕනෑම මිශ්‍රණයක් හෝ සටන් කලාවන් දෙකක් හෝ ඊට වැඩි ඕනෑම ගණනක සම්මිශ්‍රණයක් ඇතුළත් වේ. Bellator, WSOF, ONE Championship හා UFC මිශ්‍ර සටන් ශිල්ප ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන සමාගම් ය.

චෙස්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 චෙස් 

යනු තරඟකරුවන් දෙ‍දෙනෙක් අතර සිදු වන ප්‍රතිනිර්මාණකාරී හා තරඟකාරී ක්‍රීඩාවකි. එහි මුල් කාලීන ආකාරවලින් හා අනෙකුත් චෙස් ආකාරවලින් එය වෙන් කර හඳුනාගැනීම සඳහා සමහරක් විට බටහිර චෙස් හෝ ජාත්‍යන්තර චෙස් ලෙස හඳුන්වනු ලැබේ. දැනට භාවිතා වන ක්‍රීඩා ආකාරය දකුණු දිග යුරෝපයෙහි ඉන්දියානු හා පර්සියානු මූල ඇති වඩා පැරණි ක්‍රීඩා ඇසුරින් පහලොස්වන සියවසේ දෙවන භාගයේ දී නිර්මාණය විය. වර්තමානයේ දී චෙස් ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ක්‍රීඩා අතරින් එකක් බවට පත්ව ඇති අතර එය ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් විසින් සමාජය තුළ දී හෝ අන්තර්ජාලය හරහා සදෘශ්‍යව තරඟාවලි ලෙස හෝ අවිධිමත් ලෙස ක්‍රීඩා කරනු ලබයි. මෙම ‍ක්‍රීඩාව ක්‍රීඩා කරනු ලබන්නේ හතරැස් කොටුවලින් යුක්ත චෙස් පුවරුවකය. එම පුවරුවෙහි සමචතුරස්‍ර 64ක් අඩංගු වන අතර පැත්තකට 8ක් වන පරිදි සකසා ඇත.

ආබාධිතවුවන්ගේ ක්‍රීඩා

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

ආබාධිතයින්ගේ ක්‍රීඩා වලට සහභාගී වන්නේ ශාරීරිකව හෝ මානසිකව අපහසුතා ඇති පුද්ගලයන්ය. ‍ෙබොහොමයක් දැනට පවතින ක්‍රීඩා නවීකරණය කර ආබාධිත පුද්ගලයින්ට ගැලපෙන ලෙස හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකසා ඇත. සමහර අවස්ථාවලදී මේවා සකස් කරන ලද ක්‍රීඩා ලෙස හඳුන්වනු ලබයි. සෑම ආබාධිතයන් සඳහා වු ක්‍රීඩාවක්ම එසේ සකස් කරනු ලැබූ ඒවා නොවේ.ආබාධිතයන් සඳහා විශේෂයෙන් සකස් කරනු ලැබූ සමහර ක්‍රීඩාවන්ට සමාන ක්‍රීඩා ආබාධිත නොවන අය සඳහා වන ක්‍රීඩා වල නැත.


පැරාලිම්පික් ක්‍රීඩා

 අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

ගිම්හාන පැරාලිම්පික් සහ ශීත ඍතු පැරාලිම්පික් වලට අදාළව අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව විසින් පිළිගනු ලබන ක්‍රීඩා 28ක් පවතින අතර එම ක්‍රීඩා වලදී ක්‍රීඩකයන්ගේ දුබලතා වර්ගය සහ දුබලතාවයේ අඩු වැඩි බව අනුව සිදුකළ වර්ගීකරණයක් යටතේ ක්‍රීඩා කරනු ලබයි. මේ නිසා එකම ක්‍රීඩාව තුළ කාණ්ඩ කිහිපයක් පැවතිය හැකිය.

ක්‍රීඩා - වෙඩි තැබීම

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

(මෙම ඡායාරූපය දිනමිණ පුවත්පතින් උපුටාගන්නා ලදිදකි. ඡායාරූපයේ අයිතිය ඔවුන් සතුවේ.)

👉 වෙඩි තැබීමේ ක්‍රීඩාව

වෙඩි තැබීමේ ක්‍රීඩාව, නිවැරදිතාවය, ඉලක්කය යනාදි ලක්ෂණ ඇතුලත් විශේෂ සාමාර්ථය දැක්විය යුතු තරඟකාරී ක්‍රීඩා ගණයට ඇතුළත් වෙයි. 


ඔරු පැදීමේ ක්‍රීඩාව

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

 

👉 ඔරු පැදීමේ ක්‍රීඩාව

එකිනෙකාට එරෙහිව ගංඟාවක, වැවක හෝ මුහුදක කෙරෙන තරඟයක් ලෙස ඔරු පැදීමේ ක්‍රීඩාව හැඳින්විය හැකිය. 

බැඩ්මින්ටන්

 අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
දැල් සහිත පිත්තක් (රැකට්) භාවිතයෙන් කෙරෙන ක්‍රීඩාවක් ලෙස බැට්මින්ටන් හැඳින්විය හැකියි. ඒකල හා යුගල වශයෙන් කෙරෙන මෙම ක්‍රීඩා සෘජුකෝණාස්‍රාකාර පිටියක ක්‍රීඩා කරයි. එම පිටිය සමභාග වන ලෙස දැලකින් වෙන්කර ඇත. එම දැල දෙපස කොට‍සේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් ලෙස ක්‍රීඩා කරයි.

රග්බි

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 රග්බි

චාර්ඩ් ලින්ඩන් සහ බර්නාඩෝ සොලානෝ යන අය රග්බි පාසල සදහා අතින් මසමින් ලෙදර් ආවරණ සහ සූකර මුත්‍රාශය යොදාගනිමින් රග්බි පන්දු නිර්මාණය කරන ලදී. රග්බි පන්දුවේ ලාක්ෂණික හැඩය සූකර මුත්‍රාශයේ හැඩයට බෙහෙවින් සමානකම් දරන අතර මීට පෙර නිර්මාණය කරන ලද රග්බි පන්දු අණ්ඩාකාර හැඩයකට වඩා වියලි මිදි ගෙඩියක හැඩයකින් යුක්ත විය.ආරම්භයේ සිට රග්බි පන්දුවේ හැඩය සූකර මුත්‍රාශයේ හැඩය සමග විශාලත්වයෙන් විවිද අයුරින් සකසුණි..

පැසිපන්දු

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා අතරෙන් එක් පිළකට ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස පැසිපන්දු ක්‍රීඩාව (ඉංග්‍රීසි:  Basketball) හැඳින්විය හැකිය. මීටර් 3ක් එනම් අඩි 10 උස පැසකට පැසි පන්දුව නිවැරදිව විදීමෙන් හෝ විසිකිරීමෙන් ලකුණු රැස්කර ගනී. ජයග්‍රාහී කණ්ඩායම වනුයේ වැඩිම වාර ගණනක් පැසට පන්දුව විදීමට හැකි වූ කණ්ඩායමයි.

ඔලිම්පික්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 ඔලිම්පික් යනු දහස් ගණන් ක්‍රීඩකයන් විවිධ ක්‍රීඩාවන් සඳහා සහභාගී වන ප්‍රමුඛ අන්තර්ජාතික උත්සවයකි. රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය, ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල බව අවිවාදයෙන්ම පිළිගැනේ. වර්තමානයේ එක් ඍතුවකට අයත් ඔලිම්පික් උළෙලක් වසර හතර‍කට වරක් පැවැත්වෙන පරිදි ග්‍රීෂ්ම සහ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා දෙවසරකට වරක් ප්‍රත්‍යාවර්ථනය වෙමින් පැවැත්වේ. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේ සිට ක්‍රිස්තු පූර්ව 4 වන සියවස දක්වා වූ ආරම්භක කාලයේ දී පුරාතන ඔලිම්පික් ක්‍රීඩා ග්‍රීසියේ ඔලිම්පියාහි දී පැවැත්විණ. ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ පියරේ ද කුබ(ර්)ටීන් නම් වංශාධිපතියා විසින් 1894 වර්ෂයේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) පිහිටවනු ලැබීය. ඔලිම්පික් ප්‍රඥප්තියෙන් පනවා ඇති ව්‍යුහයට සහ ක්‍රියා පටිපාටියට අනුව කටයුතු කරන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව එතැන් පටන් අද දක්වා ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වාගෙන ඒමට කටයුතු කරයි.

හොකී

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
හොකී ක්‍රීඩවකි. එක් පිලකට සමජිකයන් 11ක් සහභාගී වේ. හොකී යනු කණ්ඩායම් දෙකක් එකිනෙක පරයා ගෝලයක් වාර්ථා කිරීමට යත්න දරන ක්‍රීඩාවකි. මෙහිදී ‘පක්’ නමින් හඳුන්වන බෝලයක් හෝ තද රවුම් ඩිස්කයක් භාවිතා කරයි. විරුද්ධ පිළේ දැල තුළට එය පිත්තෙන් විසිකිරීම මගින් ගෝලයක් ලබාගැනීම සිදු කරයි. කිසියම් ප්‍රදේශයක වඩාත් ප්‍රචලිත හොකී ක්‍රීඩා ආකාරය සරලව එම ප්‍රදේශ වලදී හොකී ලෙස හැඳින්වේ.

යනු හිම පෙතක් මත ක්‍රීඩා කරනු ලබන, ශාරීරික ඝට්ටන සහිත, කණ්ඩායම් ක්‍රීඩාවකි. ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ ඔවුන්ගේ අයිස් හොකී පිති භාවිතයෙන් වල්කනීකෘත රබර් ඩිස්කය ප්‍රතිවාදී පිලේ දැල වෙතට විදීම මගින් ලකුණු රැස් කිරීමට උත්සාහ කරති. අයිස් හොකී කණ්ඩායමක් සාමාන්‍යයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ ගෝලරකින්නා සහ, ඩිස්කය ලබාගෙන ප්‍රතිවාදී පිලට එරෙහිව ගෝල රැස්කිරීම සඳහා අයිස් පෙතේ ඒ මේ අතට ලිස්සා යන ක්‍රීඩකයින් පස්දෙනෙකුගෙනි.